Back to TV Series
Dear X (2025)

Dear X (2025)

SERIESCOMPLETED2025

මෙය 2025 වසරේදී විකාශය වීමට නියමිත, ආදරය සහ ත්‍රාසය (Romance & Thriller) පිරුණු ජනප්‍රිය කොරියානු

කතා මාලාවකි.


මෙහි කතාව ගෙතී ඇත්තේ Baek A-jin නම් ඉතා ලස්සන සහ ජනප්‍රිය නිළියක් වටා ය. පිටතින් ඇය ඉතා අහිංසක සහ කරුණාවන්ත ලෙස පෙනුනද, ඇත්තටම ඇය තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට අන් අයව පාවිච්චි කරන, හිත් පිත් නැති (Sociopath) කෙනෙකි.


ඇයගේ සුළු මවගේ පුතා වන Yoon Joon-seo, ඇයගේ මෙම නපුරු ඇත්ත ස්වභාවය හොඳින්ම දන්නා අයෙකි. එසේ වුවත්, ඇයට ඇති ආදරය නිසා ඇයව ආරක්ෂා කිරීමට ඔහු දිගටම ඇය ළඟින්ම රැඳී සිටියි.


එකිනෙකා රවටමින්, පළිගැනීම් සහ ආදරය මැද ගලා යන ඉතාමත් කුතුහලයෙන් පිරි කතාවක් ලෙස මෙය හැඳින්විය හැක.

Episodes
Season 1
(12 episodes)
S1E1 - සොඳුරු වෙස්මුහුණේ අඳුරු කතාව

 මේ එපිසෝඩ් එකෙන් ජනප්‍රිය නිළියක් වන Baek Ah-jin, තමන්ගේ කටුක අතීතය හංගගෙන ඉහළටම යන්න පටන් ගත්ත භයානක ගමන සහ එයා වටේ ඉන්න අයව පාලනය කරන හැටි බලාගන්න පුළුවන්.

S1E2 - සිහින බිඳ දැමූ පියාගේ ආගමනය

 Baek Ah-jin තමන් ආසම කරන නීති විද්‍යාලයට යන්න ලෑස්ති වුණත්, හදිසියේම එන එයාගේ තාත්තා නිසා එයාගේ මුළු ජීවිතේම කණපිට පෙරළෙනවා.

S1E3 - ගැලවීමේ රහස් සැලැස්ම

තාත්තා සල්ලි ටික උදුරගත්ත නිසා නීති විද්‍යාල හීනය බොඳ වුණ ආජින්, කැෆේ එකක වැඩට ගිහින් එතන අයිතිකාරයාව පාවිච්චි කරලා තමන්ගේ තාත්තව අයින් කරන්න භයානක සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

S1E4 - අලුත් ගිවිසුම

 Baek Ah-jin තමන්ගේ තාත්තාගේ මිනීමැරුම් නඩුවට පැටලිලා අසරණ වෙද්දි, එයාට උදව් කරන්න බලවත් CEO කෙනෙක් අනපේක්ෂිත විදියට ඉස්සරහට එන හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්.

S1E5 - රංගන දිවියේ ඇරඹුම

ආ-ජින් නිළියක් විදියට අලුත් ගමනක් පටන් ගත්තත් ඉම් රේ-නාගෙන් එන බාධාව නිසා ඇතිවෙන ගැටුම සහ ජුන්-සෝගේ ආදරය මේ කොටසින් හරිම උණුසුම් විදියට බලාගන්න පුළුවන්.

S1E6 - නව ඉලක්කය

තමන්ගේ රංගන ජීවිතය ගොඩදාගන්න සුපිරි නළු හියෝ ඉන්-ගැන්ග්ව දැලේ දාගන්න හදන ආ-ජින්, එයාට ලංවෙන්න පාර කපාගන්න මුලින්ම එයාගේ ආච්චිව තමන්ගේ පැත්තට හරවාගන්න උත්සාහ කරනවා.

S1E7 - අතීතයේ සෙවනැල්ල

ආ-ජින් ප්‍රසිද්ධ නළුවෙක් වන ඉන්-ගැන්ග්ව පාවිච්චි කරලා තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න හැදුවත්, එයාගේ අතීතයේ තිබුණ භයානක රහසක් හදිසියේම එළියට එන්න යන නිසා ලොකු ගැටලුවක් මතු වෙනවා.

S1E8 - වෙන්වීමේ තීරණය

In-gang ගේ ආච්චිගේ වියෝවෙන් පස්සේ ඔහු විවාහ යෝජනාවක් ගෙනාවත්, තමන්ගේ වැඩේ කරගත්ත Ah-jin ඔහුව අතහැරලා දාලා තමන්ගේ නියම ස්වරූපය පෙන්වන හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්.

S1E9 - අබිරහස් ගැලවුම්කරුවා

ඉන්-ගැන්ග්ගේ මරණයෙන් පස්සේ ලොකු පීඩනයක ඉන්න ආ-ජින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මූන් දෝ-හියොක්ට ලං වුනත්, එයා ආ-ජින් හිතනවාට වඩා භයානක කෙනෙක් වෙන්න පුළුවන් බව පේන්න ගන්නවා.

S1E10 - ගැලවුම්කරුවාගේ සැබෑ මුහුණුවර

හැම පැත්තෙන්ම එල්ල වෙන ප්‍රශ්නවලින් බේරෙන්න ආ-ජින් (Ah-jin) මූන් දෝ-හියුක්ගේ (Moon Do-hyuk) උදව් ලබාගත්තත්, එයා ඇත්තටම මේ අඩිය තියන්නේ හිතාගන්න බැරි තරම් භයානක උගුලකට.

S1E11 - ගැලවුම්කරුගේ උගුල

තමන්ගේ සැමියා වන මූන් දෝ-හියුක් තමන්ට ආරක්ෂාව දෙනවා වෙනුවට තමන්ව පාලනය කරන බව තේරුම් ගන්නා ආ-ජින්, ඔහුගෙන් ගැලවෙන්න ජේ-ඕගේ උදව් ඉල්ලන ආකාරය මේ කොටසින් බලාගන්න පුළුවන්.

S1E12 - හෙළිවන සත්‍යය ( END )

Baek A-jin ගේ රහස් හෙළිවෙලා එයාගේ ලෝකය කඩා වැටෙද්දී, මේ සියල්ලටම තිත තියන්න Jun-seo ගන්නා හිතාගන්නවත් බැරි අන්තිම තීරණය මොකක්ද කියලා මේ අවසන් කොටසින් බලාගන්න.

Comments
No comments yet.