Back to TV Series
The Judge Returns (2026) [මරණයෙන් නැගිට ආ විනිසුරු]

The Judge Returns (2026) [මරණයෙන් නැගිට ආ විනිසුරු]

SERIESCOMPLETED2026 IMDb

"The Judge Returns" (판사 이한영) කොරියානු ඩ්‍රාමා එක 2026 දී රිලීස් වුණු, ගොඩක් අය ආසාවෙන් බලන සුපිරිම කතාවක්.

මූලික තොරතුරු –

  • වර්ෂය සහ රට: 2026, දකුණු කොරියාව (MBC නාලිකාව ඔස්සේ විකාශය වූවකි).
  • ශානරය: Legal Drama (නීතිමය), Fantasy, Revenge (පළිගැනීම), Time-slip (කාලය හරහා යෑම).
  • නිර්මාණකරුවන්: මෙය ලී හේ-නල් (Lee Hae-nal) ගේ ජනප්‍රිය වෙබ් නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. අධ්‍යක්ෂණය ලී ජේ-ජින් (Lee Jae-jin).

ප්‍රධාන නළු නිළියන්:

  • ජී සන්ග් (Ji Sung) - ලී හන්-යොන්ග් ලෙස (විනිසුරු).
  • පාක් හී-සූන් (Park Hee-soon) - කන්ග් ෂින්-ජින් ලෙස (ප්‍රබල ප්‍රතිවාදී විනිසුරුවරයා).
  • වොන් ජින්-ආ (Won Jin-ah) - කිම් ජින්-ආ ලෙස (නීතිඥවරිය/පැමිණිලිකාරිය).


 මේ කතාව දිවෙන්නේ අපිට හුරුපුරුදු නූතන කොරියාවේම තමයි. හැබැයි මේකේ පොඩි ෆැන්ටසි (Fantasy) ගතියක් තියෙනවා. මොකද කතාවේ ප්‍රධාන චරිතයට කාලය හරහා අතීතයට යන්න අවස්ථාවක් ලැබෙනවා. මේ ලෝකයේ නීතිය කියන දේ බලය සහ සල්ලි තියෙන මිනිස්සුන්ට ඕන විදිහට තමයි නැවෙන්නේ. අධිකරණ පද්ධතිය ඇතුලේ තියෙන දූෂිත දේශපාලනය, බල අරගලය සහ එකිනෙකා පරයා යන තරඟය තමයි කතාවේ මූලික වාතාවරණය. හැබැයි මේක නිකන්ම උසාවියක වාද කරන කම්මැලි කතාවක් නෙවෙයි; හිතාගන්න බැරි කුතුහලයක් සහ වේගවත් ගලා යාමක් තියෙන "Action" පන්නයේ නීතිමය කතාවක්.


ඉතින් මේ කතාව පටන් ගන්නේ ලී හන්-යොන්ග් කියන විනිසුරුවරයාගෙන්. එයා මුලින් හරිම දූෂිත, ලොකු ලොකු සමාගම්වලට ඕන විදිහට නඩු තීන්දු දෙන කෙනෙක්. හැබැයි එක මොහොතකදී එයා තීරණය කරනවා හරි දේ කරන්න. ඒකේ ප්‍රතිඵලය විදිහට එයාට මැරෙන්න සිද්ධ වෙනවා.


හැබැයි මැරුණට පස්සේ එයාට පුදුම දෙයක් වෙනවා. එයා ආපහු අවුරුදු 10කට කලින් හිටපු එයාගේ තරුණ කාලෙට ඇහැරෙනවා. දැන් එයා දන්නවා අනාගතයේදී කවුද එයාට ද්‍රෝහි වුණේ, කවුද රට කන හොරු කියලා. ඉතින් මේ "දෙවැනි ජීවිතේදී" එයා තීරණය කරනවා කලින් පාර වගේ දූෂිත නොවී, නියම විනිසුරුවරයෙක් වෙන්න.


මේ පාර එයාගේ මෙහෙයුම වෙන්නේ එයාගේ අනාගත මතකයන් පාවිච්චි කරලා, නීතියට මුවා වෙලා ඉන්න ලොකුම අපරාධකාරයො ටික අල්ලලා දාන එකයි. හැබැයි එයාට ලේසි වෙන්නේ නෑ, මොකද එයාගේ ලොකුම හතුරෝ ඉන්නේ එයාගේ ළඟමයි. මේ ගමනේදී එයාට පරණ යාළුවෝ, අලුත් සතුරෝ වගේම හිතාගන්න බැරි අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා.


මේ කතාවේ ලොකුම ප්‍රශ්නය මේකයි: හන්-යොන්ග්ට ඇත්තටම අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයිද? නැත්නම් එයා මොන දේ කළත් අන්තිමට වෙන්න තියෙන දේම වෙයිද? "ඉතින් මේ ඩ්‍රාමා එකේ අන්තිම මොහොත වෙනකන්ම මේ කුතුහලය තියෙනවා. ඔයාටත් දැනගන්න ආස නම්, මේ විනිසුරුවරයා කොහොමද තනියම මුළු සිස්ටම් එකම හොල්ලන්නේ කියලා, අනිවාර්යයෙන්ම The Judge Returns බලන්න වෙනවා!"

Episodes
Season 1
(14 episodes)
S1E1 - විනිසුරුගේ නව ආරම්භය

බලවතුන්ගේ රූකඩයක් ලෙස වැඩ කරපු Lee Han-young විනිසුරුවරයා, තමන්ගේම වැරදි තීන්දුවක් නිසා සිදුවෙන ඛේදවාචකයක් එක්ක තමන්ව පාලනය කරන අයට එරෙහිවෙන්න තීරණය කරනවා.

S1E2 - දෙවන අවස්ථාව

ආයෙත් අතීතයට ගිහින් ලැබුණු අලුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලී හන්-යොන්ග්, තමන්ව පාලනය කරපු අයට එරෙහිව කාටවත් හිතාගන්න බැරි විදිහේ අමුතුම ගේමක් ගහන්න පටන් ගන්නවා.

S1E3 - මරණ දඬුවම

අනාගත මතකයන් පාවිච්චි කරලා දරුණු මිනීමරුවෙක්ව උසාවිය මැදදීම කොටු කරගන්න Han-young, අනපේක්ෂිත විදිහට අවසන් වන බ්ලයින්ඩ් ඩේට් එකකට සහභාගී වෙමින් අලුත් නඩුවක් පටන් ගන්නා හැටි මේ කොටසින් බලාගන්න.

S1E4 - අතුරුදහන් වූ ගිණුම් පොත

හමුදා සේවය මගහැරපු ප්‍රභූ දරුවන්ගේ විස්තර තියෙන රහස් ලේඛනයක් කාටත් කලින් සොයාගන්න හන්-යොන්ග් සහ කාන්ග් විනිසුරුවරයා අතර උණුසුම් තරඟයක් මේ කොටසේදී බලාගන්න පුළුවන්.

S1E5 - ව්‍යාජ පක්ෂපාතීත්වය

හමුදා සේවයේ වංචා ලැයිස්තුවක් හෙළි කිරීම නිසා ලී හන්-යොන්ග්ට බලවත් පිරිසකගෙන් එල්ල වන මාරාන්තික ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදුවන හැටි මේ කොටසින් බලාගන්න.

S1E6 - විනිසුරුගේ ප්‍රතිප්‍රහාරය

හන්-යොන්ග් තමන්ගේ අතීත මතකයන් පාවිච්චි කරලා හතුරන්ට දරුණු උගුලක් අටවන හැටිත්, ඒ අතරේ සිදුවන ක්‍රියාදාම පිරුණු සටනත් මේ කොටසින් බලාගන්න පුළුවන්.

S1E7 - ඝාතනය ප්‍රතික්ෂේප කළ යුක්තිය

මේයර් චූව තමන්ගේ අතින්ම මරන්නද, නැත්නම් ඔහුව වෙන ඝාතකයෙක්ගෙන් බේරගන්නද කියලා ජජ් ලී ගන්න තීරණය මේ එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

S1E8 - සුදු කොටි දඩයම

හන්-යංග් තමන්ගේ රහස් සැලැස්ම ක්‍රියාත්මක කරන්න සතුරන් එක්ක එකතු වෙන අතරේ, ජින්-ආ සත්‍යය හොයන්න ගිහින් ලොකු අවදානමකට මුහුණ දෙන හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්.

S1E9 - මිරැකල් ඒෂියා උගුල

හන්-යොන්ග් තමන්ගේ කණ්ඩායම එක්ක එකතු වෙලා දුෂ්ටයන්ව අන්දන්න 'Miracle Asia' නමින් බොරු ආයෝජන උගුලක් අටවන විදිහ මේ කොටසින් බලාගන්න පුළුවන්.

S1E10 - සතුරාගේ අඩවියට

හන්-යංග් සහ ජින්-ආ එක්ව සතුරන්ව කොටු කරගන්න අටවන දැවැන්ත උගුලට හදිසියේම නීතියෙන්ම බාධා එල්ල වීම නිසා, ඔවුන් දෙදෙනාම ලොකු අමාරුවක වැටෙන හැටි මේ කොටසින් බලාගන්න.

S1E11 - සෙවණැලි බලවේගයේ රහස

ඔන්න යාලුවනේ මේ කොටසෙදි Han-young දේශපාලන ලෝකයේ ලොකු රහසක් දැනගන්න අතරේ, Tae-sikගේ කළු සල්ලි පස්සේ පන්නපු Jin-ah දරුණු අනතුරකට මැදි වෙලා කතාව හිතාගන්න බැරි විදිහට තීව්‍ර වෙනවා.

S1E12 - බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

හන්-යොන්ග් සහ කන්ග් ශින්-ජින් අතර ගැටුම අලුත් මුහුණුවරක් ගනිද්දී, හිටපු ජනාධිපතිවරයාගේ අරමුදලක් හරහා සිදුවන දූෂණයක් හෙළිදරව් කිරීමට ජින්-ආ දරන උත්සාහය නිසා ඇගේ ජීවිතය දැඩි අනතුරකට මුහුණ දෙනවා.

S1E13 - පාවාදීමේ දැල

ද ජජ් රිටර්න්ස් කතා මාලාවේ දහතුන්වෙනි කොටසින් ලී හැන්-යංග් තමන්ගේ හතුරව කොටු කරන්න ගිහින් නොහිතපු විදිහට මිනීමැරුමකට හිරවෙලා පොලිසියෙන් බේරිලා පණ බේරගන්න දුවන හැටි ඔයාලට අද බලාගන්න පුළුවන්.

S1E14 - යුක්තියේ නොනිමෙන අරගලය

තමන්ට එල්ල වුණු බොරු චෝදනා හමුවේ හන්-යොන්ග් පලායන්න සිදුවෙන අතරතුරේදී, ඔහු රහසින් සැඟවී ඉදන් දුෂිත බලවේග වලට එරෙහිව කරන මේ අවසාන සටන කොහොම විසඳෙයිද කියලා මේ කොටසින් බලමු.

Comments
No comments yet.