
මූලික තොරතුරු –
වර්ෂය සහ රට: 2022, දකුණු කොරියාව (South Korea)
වර්ගය: Fantasy, Action, Drama (මානුෂීය කතා සහ ජීවිතය ගැන කතා)
නිර්මාණකරුවන්: Kim Tae-yoon සහ Sung Chi-wook (අධ්‍යක්ෂණය), MBC සහ Netflix හරහා විකාශය විය.
ප්‍රධාන නළු නිළියන්:
Kim Hee-sun (කූ රියෝන් ලෙස) – පාට කරපු කොණ්ඩයක් තියෙන, ටිකක් සැර පරුෂ වගේම හිත හොඳ මර දූත නායිකාවක්.
Rowoon (චෝයි ජුන්-වූන්ග් ලෙස) – රස්සාවක් හොය හොය ඉඳලා අහම්බෙන් මේ වැඩේට සෙට් වෙන අලුත් කොල්ලෙක්.
Lee Soo-hyuk (පාක් ජුන්ග්-ගිල් ලෙස) – නීති රීති අකුරටම රකින, බොහොම තේජවන්ත සහ බය හිතෙන ප්‍රධාන මර දූතයෙක්.
Yun Ji-on (ලිම් රියුන්ග්-ගු ලෙස) – වෙලාවට වැඩ කරන, කණ්ඩායමේ සහායක මර දූතයා.
මේ කතාවේ එන ලෝකය හරිම අමුතුයි වගේම හරිම සිත්ගන්නාසුලුයි. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ මර දූතයෝ (Grim Reapers) එන්නේ මැරෙන මිනිස්සුන්ගේ ආත්ම අරගෙන යන්න කියලානේ. හැබැයි මේ කතාවේ එන මරණින් මතු ලෝකය හරියට ලොකු කම්පැණියක් වගේ. මේ ආයතනයේ නම "ජුමාද්‍යුන්ග්" (Jumadeung). මෙතන එක එක දෙපාර්තමේන්තු තියෙනවා.
ලෝකය 2022 වගේ නූතන කාලේ වුණාට, මේ මර දූතයෝ අදිමානුෂික බලයන් පාවිච්චි කරනවා. කතාවේ හැඩය ගොඩක් වෙලාවට emotional. සමහර වෙලාවට ඇඬෙනවා, සමහර වෙලාවට හිනා යනවා, ඒ වගේම හොඳ action ටිකකුත් තියෙනවා. මේක නිකන්ම "හොල්මන්" කතාවක් නෙවෙයි, මිනිස්සුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න සහ වේදනාවන් ගැන ගැඹුරින් කතා කරන ලස්සන කතාවක්.
කතාව පටන් ගන්නේ "චෝයි ජුන්-වූන්ග්" කියන තරුණයාගෙන්. එයා කොච්චර try කළත් රස්සාවක් හොයාගන්න බැරුව දුකෙන් ඉන්න කෙනෙක්. දවසක් රෑක එයා දකිනවා පාලමක් උඩ ඉඳන් කෙනෙක් පනින්න හදනවා. මෙයාව බේරගන්න ගිහින් අහම්බෙන් ජුන්-වූන්ග්වත් වතුරට වැටෙනවා. මේ සිද්ධිය නිසා එයා කෝමා (Coma) තත්ත්වයට පත් වෙනවා.
හැබැයි එයාගේ ආත්මය ඇහැරෙනවා. එතකොට තමයි එයාට අර මරණින් මතු ලෝකයේ (ජුමාද්‍යුන්ග් එකේ) ලොක්කන්ව හම්බවෙන්නේ. එයාලා ජුන්-වූන්ග්ට offer එකක් දෙනවා: "ඔයා අපේ විශේෂ කණ්ඩායමේ වැඩ කළොත්, ඔයාට ඉක්මනින්ම කෝමා එකෙන් නැගිටලා ආපහු ගෙදර යන්න පුළුවන්" කියලා.
මේ විශේෂ කණ්ඩායම තමයි "අර්බුද කළමනාකරණ කණ්ඩායම" (Crisis Management Team). මෙයාලගේ වැඩේ අනිත් මර දූතයන්ට වඩා හාත්පසින්ම වෙනස්. මෙයාලා කරන්නේ සියදිවි නසාගන්න හිතාගෙන ඉන්න මිනිස්සුන්ව හොයාගෙන ගිහින්, ඒ අයගේ ප්‍රශ්න විසඳලා, එයාලට ආපහු ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන එක.
ඉතින් මේ season එක පුරාවටම අපිට බලාගන්න පුළුවන් මේ කණ්ඩායම එක එක මිනිස්සුන්ගේ අතීතයට ගිහින්, එයාලගේ දුක තේරුම් අරගෙන කොහොමද එයාලව බේරගන්නේ කියලා. ඒ වගේම මේ අලුත් කොල්ලා ජුන්-වූන්ග්, මේ වැඩේට අලුත් නිසා එයා කරන පිස්සු වැඩ සහ එයාගේ අහිංසකකම නිසා සිද්ධ වෙන දේවලුත් මේකේ තියෙනවා. ප්‍රධානම ගැටුම තියෙන්නේ මෙයාලා මිනිස්සුන්ව බේරගන්න හදනකොට, නීති රීති රකින අනිත් මර දූතයෝ එක්ක ඇතිවෙන ප්‍රශ්නයි.
මේ කතාවේ ලොකුම කුතුහලය තියෙන්නේ මිනිස්සුන්ව බේරගන්න එක ගැන විතරක් නෙවෙයි. අපේ කණ්ඩායමේ නායිකාව වන "කූ රියෝන්"ට සහ අර සැර මර දූතයා "පාක් ජුන්ග්-ගිල්"ට අතීතයේ ලොකු රහස් සම්බන්ධයක් තිබුණා වගේ පේනවා. ඒ මොකක්ද? ඇයි එයාලා දැන් තරහ? ඉතින් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නයි, අර අලුත් කොල්ලා ඇත්තටම කෝමා එකෙන් නැගිටලා ආපහු ගෙදර යයිද කියලා දැනගන්නයි නම් මේ season එක අනිවාර්යයෙන්ම බලන්න වෙනවා.
රැකියාවක් හොයලම එපා වෙලා ඉන්න ජුන්-වුං, හදිසි අනතුරක් නිසා කෝමා එකකට ගියාම එයාට මරණ දූතයෝ සෙට් එකක් එක්ක එකතු වෙලා අමුතුම ජොබ් එකක් කරන්න වෙන හැටි මේ කොටසින් බලාගන්න.
මරණ දූතයින්ගේ කණ්ඩායමට අලුතින් බැඳෙන ජුන්-වූන්ග්, පාසල් කාලේ සිදුවීමක් නිසා පීඩා විඳින රචිකාවියක්ව බේරගන්න දරන උත්සාහය ගැන මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.
ජුන්-වුං අර්බුද කළමනාකරණ කණ්ඩායමේ රාජකාරි පටන් ගත්ත ගමන්ම, පොලිස් විභාගය දිගින් දිගටම අසමත් වෙලා ජීවිතේ එපා වෙලා ඉන්න එයාගේම හොඳම යාළුවාව බේරාගන්න සිද්ධ වෙනවා.
අතීතය වෙනස් කිරීම නිසා ඇතිවුණු ප්‍රශ්න මැද, සියදිවි නසාගන්න හදන ගායකයෙක්ව බේරගන්න කියලා මියගිය ආත්මයක් කරන ඉල්ලීමක් වටා මේ කොටස ගෙවෙනවා.
තමන්ගේ බිරිඳගේ වියෝව නිසා ඇති වුනු පසුතැවීමෙන් පීඩා විඳින වූ-ජින්ව බේරගන්න රයිංග් ඇතුළු කණ්ඩායම මේ කොටසෙදි අලුත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
රට වෙනුවෙන් තරුණ කාලේ කැප කරපු, ඒත් අද තනියම දුක් විඳින සීයා කෙනෙක්ගේ හිත හදන්න අපේ මරණ දූතයෝ සෙට් එක කරන සංවේදී මෙහෙයුම මේ කොටසින් බලාගන්න පුළුවන්.
ශරීරයේ ලස්සන ගැන ඕනාවට වඩා වදවෙලා ආහාර ගැනීමේ අක්‍රමිකතාවයකට ගොදුරු වුණු තරුණියක්ව බේරගන්න, මේ කොටසේදී අපේ Crisis Management කණ්ඩායම ලොකු සටනක් දෙනවා.
සියදිවි නසාගන්න මිනිස්සුන්ට උදව් කරන 'Broker' කෙනෙක්ව අල්ලන්න යන Crisis Management Team එකට මේ පාර හිතාගන්නවත් බැරි තරම් අමාරු වැඩකට මුහුණ දෙන්න වෙනවා.
තමන්ගේ අයිතිකාරයාට බරක් නොවී මැරෙන්න හදන කොං (Kong) නම් වයසක බල්ලාව බේරගන්න ජුන්-වූන්ග් ඇතුළු කණ්ඩායම දරන සංවේදී උත්සාහය මේ කොටසින් බලාගන්න පුළුවන්.
තමන්ට අතවර කළ අපරාධකරු නැවත පැමිණීම නිසා දැඩි කම්පනයට පත්වුණු තරුණියක් බේරාගන්න මරණ දූතයන් කණ්ඩායම දරන සංවේදී උත්සාහය මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්.
Lim Ryung-gu ගේ දුක්බර අතීතය එළිදරව් වෙන මේ කොටසේදී, ඔහුගේ මවට සම්බන්ධ සංවේදී සිදුවීමක් නිසාවෙන් කණ්ඩායම ලොකු අර්බුදයකට මුහුණ දෙන හැටි බලාගන්න පුළුවන්.
තමන්ගේ පෙර බවයේ අම්මා මේ ආත්මයේදී දරුවා අහිමි වුන දුකෙන් දිවි නසාගන්න හදනකොට, ඇයව බේරගන්න Ryung-gu කරන සංවේදී සටන මේ කොටසින් බලාගන්න පුළුවන්.
යූ බොක්-හී කියන වයසක කාන්තාවගේ අතීතයේ තියෙන ලොකු දුකක් නිවන්න රයන් ඇතුළු කණ්ඩායම දරන උත්සාහය මේ කොටසින් හරිම සංවේදීව බලාගන්න පුළුවන්.
රියොන්ගේ අතීතයේ සැඟවුණු අඳුරු මතකයන් එළියට එන මේ කොටසින්, එදා ඇයට සමාජයෙන් එල්ල වුණු දරුණු අපහාස සහ පීඩනයන් හමුවේ ඇය මුහුණ දුන් සංවේදී සිදුවීම් පෙළක් බලාගන්න පුළුවන්.
තමන්ගේ අතීතයේ හිටපු ලඟම යෙහෙළියක් වර්තමානයේ ජනප්‍රිය තරුවක් විදිහට ඉපදිලා ඉන්නවා දකින රියොන්, එයාගේ ජීවිතේ බේරගන්න ලොකු අවදානමක් ගන්න හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්.
අතීතය නිසා ලොකු අමාරුවක වැටුනු රියොන්ව බේරගන්න ජුන්-වුං ඇතුළු කණ්ඩායම එකතු වෙලා කරන අවසන් මෙහෙයුම ගැන මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්.
