![The Art of Sarah [ව්‍යාජ ලෝකයක සැබෑ සාරා] 2026](https://i.mydramalist.com/73VmVn_4f.jpg)
ඉතින් කොහොමද යාලුවනේ! අද මම ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල හැමෝම කතා වෙන, හිතාගන්න බැරි විදිහේ කුතුහලයක් පිරුණු අලුත්ම කොරියන් සීරියස් එකක් 2026 අවුරුද්දේ නිකුත් වුණු මේ කතාව බලනකොට ඔයාට හිතෙයි "ඇත්ත මොකක්ද? බොරුව මොකක්ද?" කියලා හිතාගන්න බැරි තරමටම අපිව රවට්ටනවා කියලා.
මූලික තොරතුරු – * නිකුත් වූ වසර සහ රට: 2026, දකුණු කොරියාව (Netflix ඔරිජිනල් සීරීස් එකක්).
ප්‍රධාන නළු නිළියන්: දක්ෂ නිළි ෂින් හේ-සන් (Shin Hye-sun) මෙහි 'සාරා කිම්' ලෙසත්, ජනප්‍රිය නළු ලී ජූන්-හියුක් (Lee Joon-hyuk) 'පාක් මු-ග්යොන්ග්' කියන රහස් පරීක්ෂකවරයා ලෙසත් රංගනයෙන් දායක වෙනවා. තවත් දක්ෂ තරු ගොඩක් මේකේ ඉන්නවා.
මේ කතාව ගලාගෙන යන්නේ අද කාලේ දකුණු කොරියාවේ සෝල් නගරයේ තියෙන අති සුඛෝපභෝගී සල්ලි තියෙන අයගේ ලෝකය වටා. හැබැයි ඒ දිලිසෙන ලෝකය පිටුපස තියෙන්නේ වංචාව, බොරුව සහ තමන්ගේ අනන්‍යතාවය හංගගෙන ඉන්න මිනිස්සුන්ගේ අඳුරු පැත්තක්. මුළු සීරීස් එක පුරාම තියෙන්නේ හරිම "Dark" සහ "Suspenseful" ගතියක්. කතාවේ හැඩය ටිකක් වෙනස්, මොකද මේක එක දිගට ගලාගෙන යන්නේ නැතුව අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් අපේ ඔලුව අවුල් කරන විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ.
කතාව පටන් ගන්නේ සෝල් නගරයේ මඩ කාණුවක තිබිලා හමුවෙන අභිරහස් මළ සිරුරකින්. හැමෝම හිතන්නේ ඒ මිය ගිහින් ඉන්නේ දකුණු කොරියාවේ අති සුඛෝපභෝගී බෑග් සන්නාමයක් වන "Boudoir" එකේ ප්‍රධානියා විදිහට පෙනී ඉන්න සාරා කිම් කියලා. හැබැයි රහස් පරීක්ෂක පාක් මු-ග්යොන්ග් මේ ගැන හොයන්න ගත්තාම තමයි තේරෙන්නේ සාරා කිම් කියන්නේ ඇත්තටම කවුද කියලා කවුරුත් දන්නේ නැහැ කියලා!
කතාවේ මැද හරියේදී සාරා කිම් පොලිසියට ඇවිත් පෙනී ඉන්නවා, එතකොට අර මළ සිරුර කාගේද? සාරා කිම් කියන මේ කාන්තාව තමන්ගේ දුප්පත් අතීතය වහගෙන, විවිධ නම්වලින් (මොක් ගා-හුයි, කිම් යුන්-ජේ) පෙනී ඉඳිමින් කොහොමද මේ වගේ ඉහළ තලයකට ආවේ? ඇය තමන්ගේ අරමුණ වෙනුවෙන් ලොකු සල්ලිකාරයෙක්ව කසාද බඳින්න පවා පෙළඹෙන්නේ ඇයි? මේ හැම බොරුවක්ම අස්සේ ඇය ඇත්තටම හොයන්නේ මොකක්ද කියලා දැනගන්න හරිම කුතුහලයක් දැනෙනවා. මේක හුදෙක් අපරාධයක් ගැන නෙවෙයි, තමන්ගේ අනන්‍යතාවය එක්ක කරන ලොකු සූදුවක් ගැන කතාවක්.
මේ කතාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි - "ව්‍යාජ දෙයක් සහ සැබෑ දෙයක් අතර වෙනස අඳුරගන්න බැරි නම්, ඒ ව්‍යාජ දේත් ඇත්තක් වෙන්න බැරිද?" කියන එක. සාරා තමන් ගොඩනගපු මේ මායාලෝකය ආරක්ෂා කරගන්න කොයි තරම් දුරකට යයිද? ඇයව කොටු කරන්න හදන රහස් පරීක්ෂකයාට ඇයව අල්ලගන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහුත් සාරාගේ බොරු ලෝකයේ අතරමං වෙයිද?
ඉතින් මේ හැමදේම ඇත්තටම කොහොමද අවසන් වුණේ කියලා දැනගන්න නම් මේ අතිවිශිෂ්ට සීරීස් එක බලලම දැනගන්න වෙනවා. ඔයා mystery කතාවලට ආස කෙනෙක් නම්, මේක Miss කරන්නම එපා!
සෝල් නගරයෙන් හමුවන අභිරහස් මළ සිරුරක් නිසා සාරා කිම්ගේ ජීවිතය ගැන සැකයක් මතුවන අතර, රහස් පරීක්ෂක පාර්ක් මූ-ග්යොන්ග් ඇගේ සැබෑ අනන්‍යතාවය හාරා අවුස්සන්න පටන් ගන්නා අයුරු මෙහිදී දැකගත හැකියි.
සාරා කිම්ගේ රහස් අතීතය හාරා අවුස්සන රහස් පරීක්ෂක මු-ගියොන්ග් ඇගේ පරණ යෙහෙළියක් මුණගැසෙන අතර, එහිදී සාරාගේ සුඛෝපභෝගී ජීවිතය පිටුපස සැඟවුණු හිතාගන්න බැරි සැකකටයුතු තොරතුරු රාශියක් මතු වන්නට පටන් ගන්නවා.
අද කොටසින් සාරා කිම්ගේ සැඟවුණු අතීතය ගැන හෝඩුවාවන් ලැබෙන අතරේ, ඇය මොක් ගා-හුයි විදිහට ඉහළ පැලැන්තියට එන්න ගත්ත අනතුරුදායක උත්සාහයන් මොනවාද කියලා අපිට මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
ඔන්න යාලුවනේ, මේ කතාවේ කිම් ඉයුන්-ජේ නම් හතරවැනි කොටසින් රහස් පරීක්ෂක පාර්ක් මු-ගියොන්ග් විසින් කන්ග් ජි-හ්වොන් හරහා සාරාගේ අතීතය සහ හොන්ග් සොන්ග්-ෂින්ගේ සම්බන්ධය ගැන ලොකු කුතුහලයක් ඇති කරනවා.
පරීක්ෂක පාක් මදුගියොන්ග් සැකකාර සාරා කිම්ව කොටු කරගන්න මේ රහස ප්‍රසිද්ධ කරන්න හදනකොටම ඇගේ අභිරහස් අතීතය නිසා මුළු පරීක්ෂණයම ලොකු අවුල් ජාලාවක් වෙලා යන හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්.
මේ කොටසේදී රහස් පරීක්ෂක Mu-gyeong කාලය ඉවර වෙන්න කලින් Sarahව මිනීමැරුමකට හිර කරන්න ලොකු උත්සාහයක් දෙන අතරේ, එයාට Choi Chae-uගෙන් අනතුරුදායක උදව්වක් ඉල්ලන්න සිද්ධ වෙනවා.
යාලුවනේ, පරීක්ෂක Park Mu-gyeong, Sarah Kim ගේ වටිනාම වස්තුව වුණ Boudoir සන්නාමය ඉලක්ක කරලා ඇයව කොටු කරන්න හදනකොට, බේරෙන්න මගක් නැති ඇය අලුත්ම නමක් මේ පැටලැවිල්ලට එකතු කරනවා.
he Art of Sarah අවසාන කොටසින් පරීක්ෂක මූ-ග්යොං සාරාගේ රහස් හෙළි කරගන්න උත්සාහ කරද්දී, තමන්ගේ සුපිරි නාමය රැකගැනීමට ඇය හිතාගන්න බැරි බරපතළ තීරණයක් ගන්නා හැටි මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
