![Percy Jackson and the Olympians TV Series [මුහුදු යකුන්ගේ අඩවිය සහ රන් ලොම් පටලයේ මෙහෙයුම]](https://m.media-amazon.com/images/M/MV5BMTI3YmIzNzYtOTcwNy00ZTZiLTg5NmQtMTUyNGY1ZWVmZDJiXkEyXkFqcGc@._V1_.jpg)
මූලික තොරතුරු –
ප්‍රධාන නළු නිළියන්:
ඉතින් මේ කතාව යන්නේ අපේ සාමාන්‍ය ලෝකය අස්සේම හැංගිලා තියෙන ග්‍රීක දෙවිවරුන්ගේ සහ යක්ෂයින්ගේ ලෝකයක. විශේෂයෙන්ම "Camp Half-Blood" කියන ළමා කඳවුර තමයි මේ අයගේ ගෙදර. හැබැයි මේ Season 2 එකේදී කතාව ගොඩක් දුරට යන්නේ මහ මුහුද මැදට. හරියටම කිව්වොත් "Sea of Monsters" (රාක්ෂයින්ගේ මුහුද) කියලා හඳුන්වන භයානක කලාපයකට.
මේක නිකන්ම මුහුදු ගමනක් නෙවෙයි, ටිකක් අඳුරු, ඒ වගේම ගොඩක් ත්‍රාසජනක සිද්ධි පිරුණු ලෝකයක්. පළවෙනි සීසන් එකට වඩා මේකේ අනතුර වැඩියි වගේම චරිත ටිකත් දැන් ටිකක් ලොකු වෙලා නිසා කතාවේ ගැඹුරත් වැඩියි.
මේ පාර කතාව පටන් ගන්නේ Camp එකට ලොකු කරදරයක් වෙලා තියෙන වෙලාවක. Camp එක වටේට තියෙන ආරක්ෂක වැට (Magic border) එන්න එන්නම දුර්වල වෙනවා. ඒකට හේතුව තමයි Camp එක ආරක්ෂා කරන Thalia ගේ ගසට කවුරුහරි වස දීලා තියෙන එක. මේක මෙහෙම ගියොත් රාක්ෂයෝ කඳවුර ඇතුළට කඩා වැදිලා හැමෝම විනාශ වෙයි කියන බය හැමෝටම තියෙනවා.
ඉතින් අපේ Percy ට සිද්ධ වෙනවා මේකට විසඳුමක් හොයන්න. එකම විසඳුම තමයි "Golden Fleece" එහෙමත් නැත්නම් රන් ලොම් පටලය හොයාගෙන එන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක තියෙන්නේ භයානක රාක්ෂයින් ඉන්න මුහුදක. ඒ මදිවට Percy ගේ හොඳම යාළුවා Grover වත් අතුරුදහන් වෙලා.
Percy, Annabeth සහ මේ ගමනට අලුතින් එකතු වෙන Percy ගේ අර්ධ-සහෝදරයා වන Tyson එක්ක එකතු වෙලා මේ අභියෝගාත්මක ගමන පටන් ගන්නවා. ඒ අතරේ Camp එකේ ඉන්න දරුණුම කෙල්ලෙක් වෙන Clarisse ත් මේ Quest එකට තරඟෙට වගේ සම්බන්ධ වෙනවා.
කතාව බලන් යද්දි ඔයාට හිතෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි, "ඇත්තටම මේ රන් ලොම් පටලය හොයාගත්තත්, ඒකෙන් හැම ප්‍රශ්නයම විසඳෙයිද?" කියන එක. මොකද Luke (අර පාවා දුන්න යාළුවා) තාමත් එළියේ ලොකු සැලැස්මක් ගහනවා.
ඉතින් Percy ට Camp එක බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් Luke දිනයිද? අතුරුදහන් වුණ Grover ට මොකද වුණේ? මේ හැමදේම දැනගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ Season 2 එක බලන්නම වෙනවා!
පර්සි ඉස්කෝලෙදි මූණදෙන අමුතු ඩොජ්බෝල් සෙල්ලමකට පස්සේ, කෑම්ප් එකේ ආරක්ෂක මායිම විනාශ වෙලා හැමෝම ලොකු අමාරුවක වැටෙන හැටි මේ මුල්ම එපිසෝඩ් එකෙන් බලාගන්න.
Camp Half-Blood එකේ ආරක්ෂක වැට බිඳවැටෙමින් තිබියදී Tantalus ගේ බාධා මැද පැවැත්වෙන කරත්ත රේස් එක අතරතුර Percy ඇතුළු පිරිසට භයානක කුරුල්ලන් රංචුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
රින්සස් ඇන්ඩ්‍රොමීඩා නැවට ගොඩවෙන පර්සි ඇතුළු යාලුවන්ට, ඒක ඇතුළේ ඉන්න ලූක් සහ භයානක රාක්ෂයන් නිසා හිතාගන්න බැරි කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
Clarisse ගේ නායකත්වය යටතේ රාක්ෂයන්ගේ මුහුදට යන Percy ඇතුළු පිරිසට Scylla සහ Charybdis කියන මාරාන්තික අනතුරු දෙකට මුහුණ දෙන්න වෙන හැටි මේ කොටසින් බලාගන්න.
Percy සහ Annabeth විවේක ගන්න ලස්සන තැනකට ගියාට, ඒක C.C. කියන මායාකාරියගේ භයානක උගුලක් බව දැනගත්තම එයාලට ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
Polyphemus ගේ දූපතට යන පර්සි සහ ඇනබෙත්ට එහේ හිරවෙලා ඉන්න තමන්ගේ යාළුවන්ව බේරගෙන Golden Fleece එක හොයාගන්න ලොකු අවදානමක් ගන්න සිද්ධ වෙනවා.
ඇනබෙත් සහ රන් ලොම් පටලය බේරාගන්න ලූක්ගේ නැවට යන පර්සි සහ ක්ලැරිස්ට, එතනදී ලූක්ගෙන් වගේම ක්‍රොනොස්ගෙන් එල්ල වෙන ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ලූක් ඇතුළු පිරිසගේ ආක්‍රමණයෙන් කඳවුර බේරාගැනීමට පර්සි ඇතුළු පිරිස රන් ලොම් පටය රැගෙන එන අතරතුර සිදුවන ඉතාමත් තීරණාත්මක සටන සහ බල අරගලය මෙම අවසාන කොටසින් දිග හැරේ.
