![Percy Jackson and the Olympians TV Series [අකුණු හොරා සොයා ගිය පුංචි වීරයාගේ ත්‍රාසජනක ගමන]](https://static0.moviewebimages.com/wordpress/wp-content/uploads/sharedimages/2025/07/03169709_poster_w780-1.jpg?q=50&fit=crop&w=480&dpr=1.5)
මේක 2023 අග සහ 2024 මුල ඇමරිකාවේ Disney+ හරහා විකාශය වුණු Fantasy සහ Adventure ශ කාණ්ඩයට අයිති සුපිරි කතා මාලාවක්. Rick Riordan ලියපු ලෝක ප්‍රසිද්ධ "Percy Jackson & the Olympians: The Lightning Thief" කියන පොත අනුසාරයෙන් තමයි Rick Riordan සහ Jonathan E. Steinberg එකතු වෙලා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත විදිහට Walker Scobell (පර්සි ජැක්සන්), Leah Sava Jeffries (ඇනබෙත් චේස්), සහ Aryan Simhadri (ග්‍රෝවර් අන්ඩර්වුඩ්) රඟපානවා. ඊට අමතරව Lance Reddick (සියුස්) වගේ ප්‍රවීණ නළුවනුත් මේකේ ඉන්නවා.
මේ කතාව සිද්ධ වෙන්නේ අද අපි ජීවත් වෙන සාමාන්‍ය නූතන ලෝකයේමයි. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. අපි ඉතිහාස පොත්වල, ග්‍රීක පුරාවෘත්තවල අහපු සියුස්, පොසයිඩන් වගේ දෙවිවරු සහ එක එක විදිහේ රාක්ෂයෝ අදටත් අපේ ලෝකය ඇතුළේ හැංගිලා ජීවත් වෙනවා. පිටින් බලද්දි සාමාන්‍ය විදිහට පෙනුනට, මේක ඇතුළේ තියෙන්නේ මැජික් බලයන් පිරුණු, අනතුරුදායක වගේම හරිම අද්භූත ලෝකයක්. කතාවේ ටෝන් එක ගත්තොත්, මේක ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් විදිහේ action, mystery සහ හොඳ හාස්‍යයක් (humor) කලවම් වුණු විනෝදජනක හැඩයක් තමයි ගන්නේ.
කතාව පටන් ගන්නේ අවුරුදු 12ක් වයස පර්සි ජැක්සන් කියන ළමයාගෙන්. එයාට ඉස්කෝලේදී එක එක අමුතු දේවල් පේන්න ගන්නවා, අනතුරු වෙනවා. අන්තිමේදී එයා දැනගන්නවා එයා නිකම්ම මනුස්ස ළමයෙක් නෙවෙයි, ග්‍රීක දෙවියෙක්ට දාව මනුස්ස මවකට ඉපදුණු "Demigod" කෙනෙක් කියලා. ඉතින් එයා එයා වගේම අය ඉන්න "Camp Half-Blood" කියන තැනට යනවා පුහුණුවීම් කරන්න.
හැබැයි ප්‍රශ්න පටන් ගන්නේ එතනින්. ග්‍රීක දෙවිවරුන්ගේ රජා වෙන සියුස්ගේ බලගතු අකුණු සැර (Master Bolt) කවුරුහරි හොරකම් කරලා. හැමෝම සැක කරන්නේ පර්සිව. ඉතින් දෙවිවරු අතර ලොකු යුද්ධයක් ඇති වෙන්න කලින්, නැති වුණු අකුණු සැරේ හොයාගෙන තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න පර්සිට සිද්ධ වෙනවා. මේ භයානක ගමනට එයාට උදව්වට එන්නේ එයාගේ අලුත් යාළුවො දෙන්නෙක් වෙන ඇනබෙත් සහ ග්‍රෝවර්. මේ තුන්දෙනාට මුළු ඇමරිකාව පුරාම ගිහින් රාක්ෂයෝ එක්ක සටන් කරලා මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙයිද කියන එක තමයි මේ season එකේ කතාව.
මේක බලද්දි ඔයාලට Harry Potter වගේ කතා මාලාවක දැනෙන මැජික් ගතියයි, ත්‍රාසජනක ගමනක් යනවා වගේ හැඟීමයි දෙකම එකට දැනෙනවා. හැම episode එකකම කුතුහලය පිරුණු අලුත් අලුත් අභියෝග එන නිසා, කම්මැලි නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන චරිත තුනේ යාළුකම ගොඩනැගෙන හැටි දැක්කම හිතට හරිම ෆිට් එකක් දැනෙනවා. පොත් කියවපු අයට නම් මේක තමන්ගේ හිතේ තිබ්බ ලෝකය හැබෑ වෙනවා වගේ සුපිරි අත්දැකීමක් වෙයි.
ඉතින් මේ ලොකු දෙවිවරුන්ගේ යුද්ධය නවත්තන්න මේ පොඩි ළමයි තුන්දෙනාට ඇත්තටම පුළුවන් වෙයිද? ඇත්තටම අර බලගතු අකුණු සැරේ හොරකම් කළේ කවුද? හැමෝම හිතන කෙනාද නැත්නම් අපි නොහිතන කෙනෙක්ද? අන්න ඒ ටික දැනගන්න කුතුහලයක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ සම්පූර්ණ Season එක බලලම ඒ රහස හොයාගන්න වෙයි!
පාසලේදී සිදුවන අද්භූත සිදුවීම් නිසා තමන් සාමාන්‍ය ළමයෙක් නෙවෙයි කියලා තේරුම් ගන්න Percy, Camp Half-Blood වෙත යන ත්‍රාසජනක ගමන පටන් ගන්නා හැටි මේ කොටසින් බලාගන්න.
Camp Half-Blood එකට එන පර්සිට එයාගේ අලුත් යාළුවෝ සහ හතුරන් මුණගැහෙන අතරේ එයාගේ ඇත්තම බලය ගැන දැනගන්න ලැබෙන විදිය මේ කොටසින් බලාගන්න පුළුවන්.
පර්සි එයාගේ යාළුවොත් එක්ක අලුත් මෙහෙයුම පටන් ගත්තට, එයාලා නොදැනුවත්වම මෙඩූසා ඉන්න භයානක තැනකට කොටු වෙන නිසා මේ කොටස හරිම ත්‍රාසජනකයි.
දුම්රිය ගමන අතරතුර ශාන්ත ලුවිස් වලදී එකිඩ්නා සහ කයිමෙරා කියන භයානක රාක්ෂයන්ගෙන් බේරෙන්න පර්සි ඇතුළු යාලුවන්ට මාරාන්තික සටනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
Ares දෙවියන්ගේ ඉල්ලීමකට අනුව නැතිවුණු පලිහක් හොයාගෙන, Percy ඇතුළු කණ්ඩායම අතහැර දාපු භයානක Waterland එකට ඇතුල් වෙන හැටි මේ කොටසින් බලාගන්න.
Hermesව හම්බවෙන්න Las Vegas වල Lotus කැසිනෝවට යන Percy ඇතුළු කණ්ඩායමට, එතැන තියෙන අමුතු මායාවට අහුවෙලා තමන් ආපු වැඩේ අමතක වෙලා ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
පර්සි තමන්ගේ අම්මව බේරගන්න පාතාල ලෝකයට ගිහින් හේඩීස්ව මුණගැහෙන්න හදනකොට, අකුණු සැරය හොරකම් කිරීම ගැන කවුරුත් නොහිතපු ලොකු රහසක් එයාලට දැනගන්න ලැබෙනවා.
දෙවිවරුන් අතර ඇතිවෙන්න යන දරුණු යුද්ධය නවත්වන්න නම්, පර්සිට බලවත් ඒරිස් එක්ක සටන් කරලා වෙලාවට කලින් ඔලිම්පස් කන්දට යන්නම සිද්ධ වෙනවා.
