![Love Phobia [AI ලෝකයේ මනුස්ස හැඟීම්] 2026](https://i.imgur.com/zHwvYdu.jpeg)
මූලික තොරතුරු – * වර්ෂය සහ රට: 2026, දකුණු කොරියාව
ප්‍රධාන නළු නිළියන්: Yeonwoo මෙහි කෘත්‍රිම ආදරය ගැන විශ්වාස කරන Yoon Bi-a ගේ චරිතයත්, Kim Hyun-jin සැබෑ ආදරය ගැන ලියන නවකතාකරුවා වන Han Seon-ho ගේ චරිතයත් නිරූපණය කරනවා.
කතාව යන්නේ අපේ මේ සාමාන්‍ය ලෝකයේම වුණත්, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය අපේ එදිනෙදා ජීවිතයට, විශේෂයෙන්ම ආදර සබඳතා වලට ගොඩක් සමීප වුණු කාලෙක. මේකෙදි අපිට බලාගන්න පුළුවන් "කවදාවත් ඔයාගේ හිත රිදවන්නේ නැති" අලුත්ම විදිහේ AI Dating App එකක් ගැන. කතාවේ හැඩය ගත්තොත්, මේක හරිම ලස්සන, හදවතට දැනෙන Romantic Comedy එකක්. ඒ වගේම ආදරය කියන දේ ගැන අලුත් විදිහකට හිතන්න සලස්වන පොඩි Sci-Fi ගතියකුත් මේකේ තියෙනවා.
ඉතින් මේ කතාව මුලින්ම පටන් ගන්නේ Yoon Bi-a කියන චරිතයෙන්. එයා තමයි "It's You" කියන කොරියාවේ ජනප්‍රියම AI dating app එකේ CEO. එයාට ඇත්ත මනුස්සයෙක් එක්ක ඉන්නවට වඩා AI සහකරුවෙක් එක්ක ඉන්න එක ලේසියි. මොකද එයා හිතන්නේ ආදරය කියන්නේ හරිම දුර්වල, ඉක්මනින් වෙනස් වෙන දෙයක් කියලා. අනික එයාට පොඩි මානසික අර්බුදයක් (trauma) තියෙනවා වෙනත් අය එක්ක පැයකට වඩා එක දිගට ඉන්න බැරි.
මේ අතරේ අපිට හම්බවෙනවා Han Seon-ho ව. එයා ලොකු ජනප්‍රියත්වයක් තියෙන, හැඟීම්බර ආදර කතා ලියන නවකතාකරුවෙක් (romance novelist). හැබැයි එයා දැන් අවුරුදු තුනකින් කිසිම දෙයක් ලියලා නැතුව ලොකු අර්බුදයක ඉන්නේ. මේ දෙන්නා සම්පූර්ණයෙන්ම අහසයි පොළොවයි වගේ. කෘත්‍රිම, කිසිම වැරැද්දක් නැති AI ආදරයක් විකුණන, හැඟීම් හංගගෙන ඉන්න ගෑනු ළමයෙකුයි, සැබෑ ආදරය ගැනම විශ්වාස කරන පිරිමි ළමයෙකුයි හම්බවුණාම කොහොම තියේවිද? මේ දෙන්නා මුලින්ම මුණගැහෙද්දිම ලොකු ගැටුම් ඇතිවෙනවා. හැබැයි හිමින් හිමින් මේ දෙන්නටම එකිනෙකාගේ තුවාල සුවපත් කරන්න වෙනවා. AI වලට කවදාවත් තේරුම් ගන්න බැරි සංකීර්ණ මනුස්ස හැඟීම් කොහොමද මේ දෙන්නගේ ජීවිත වෙනස් කරන්නේ කියන එක තමයි කතාව පුරාම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ.
අතුරු චරිත විදිහට Bi-a ගේ හොඳම යාළුවා වගේම app එකේ සම-අයිතිකාරිය වෙන Seol Jae-hee වත්, Seon-ho ගේ මල්ලි වගේම Agency එකේ ප්‍රධානියා වෙන Han Baek-ho වත් අපිට මුණගැහෙනවා. මේ කතාවේ ප්‍රධාන තේමාවන් වෙන්නේ සැබෑ මනුස්ස සම්බන්ධතා, අපේ හිතේ තියෙන බයවල් සහ තුවාල (traumas) මඟහැරගන්න හැටි, සහ කෘත්‍රිම බුද්ධිය කොච්චර දියුණු වුණත් ඇත්තම මනුස්ස ආදරයක තියෙන අඩුපාඩු වලට පවා අපි කොච්චර කැමතිද කියන එකයි.
මේක බලනකොට ඔයාට හරිම සිනිඳු, හදවතට උණුසුමක් දැනෙන අත්දැකීමක් ලැබේවි. එක පැත්තකින් මූලික චරිත දෙක අතරේ තියෙන රණ්ඩු සහ විහිළු නිසා හිනා වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන්, ඒ දෙන්නා ඇතුළේ හංගගෙන ඉන්න දුක, තනිකම දකිද්දී අපිටත් එයාලා ගැන ලොකු අනුකම්පාවක්, බැඳීමක් ඇති වෙනවා. ලොකු stress එකක් නැතුව, හරිම relaxing වගේම meaningful විදිහට රසවිඳින්න පුළුවන් කතාවක් මේක.
මේ කතාවේදී හදින් හිතකට එන ලොකුම ප්‍රශ්නය ඔයාලටමයි – ඔයාට කවදාවත් රිදවන්නේ නැති, ඔයා කැමතිම විදිහට හැසිරෙන පූර්ණ AI සහකරුවෙක් තෝරගන්නවද? එහෙම නැත්නම් වැරදි අඩුපාඩු එක්ක වුණත් ඇත්ත මනුස්සයෙක්ගේ ආදරය තෝරගන්නවද?
මෙකේ වැඩිම මොහොතක් තියෙන tension එකත්, Bi-a ගේ අතීත රහස් එළියට එද්දී ඒ දේවල් වලට Seon-ho කොහොම මුහුණ දේවිද කියලත්, අවසානයේට මේ හැමදේම කොහොම settle වෙනවද කියලත් ඔයාටම හොයන්න වෙන්නේ බලලා. ඉතින් මේ හැමදේම ඇත්තටම කොහොමට ගියාද කියලා දැනගන්න නම් Love Phobia බලලාම දැනගන්න වෙනවා. ඔයාලා මේ වගේ වෙනස් විදිහක ආදර කතාවක් බලන්න කැමතිද?
Love Phobia පළමු කොටසින්, මිනිසුන්ව මගහරින Yoon Bi-a සහ ආදර කතා රචක Han Seon-ho අතර අහඹු ලෙස සිදුවෙන මුණගැසීමත් එක්ක පටන්ගන්නා අපූරු ගැටුම ගැන තමයි අපිට බලාගන්න පුළුවන්.
මේ කොටසේදී ණය බරින් හිරවුණු හන් සොන්-හෝ ගේ ආයතනය මිලදී ගන්න යූන් බි-ආ ඉදිරිපත් වෙන අතරේ, ඔවුන් දෙන්නා ගැන අමුතු කටකතාවක් පැතිරෙන්න පටන් ගැනීමෙන් කතාවට ලොකු කුතුහලයක් එකතු වෙනවා.
හන් සොන්-හෝගේ මල්ලි නිසා එයාගේ ආයතනය ලොකු කරදරයක වැටෙනකොට, ඒක බේරගන්න යූන් බී-ආ පුදුම විදියේ ගිවිසුමක් අරන් එන හැටි තමයි අද තුන්වෙනි කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ.
බියාගේ අම්මා අතුරුදහන් වෙලා ඇය ලොකු පීඩනයක ඉන්නකොට, සමාගම අල්ලගන්න බලන කුමන්ත්‍රණ මැද සුන්හෝ ඇයට ශක්තියක් වෙමින් ළඟින්ම ඉන්න ලස්සන ආදරණීය කතාවක් තමයි මේ හතරවෙනි කොටසේ තියෙන්නේ.
යුන් බි-ආගේ ඔරලෝසුව හදනකම් සන්-හෝ ඇයට හරිම ආදරෙන් සලකන අතරේ, ආයතනයේ දත්ත සොරකම් කළ රහසිගත පුද්ගලයා කවුද කියලා හොයාගන්න මේ කොටසේදී මුළු කණ්ඩායමම ලොකු මෙහෙයුමක් ආරම්භ කරනවා.
ඔන්න යාළුවනේ, අද හයවැනි කොටසින් බී-ආ සහ සොන්-හෝ ගේ ආදරේ තවත් ගැඹුරු වෙනකොට, බී-ආ ගේ හිතේ තියෙන රහස් නිසා ඔවුන්ගේ බැඳීම ලොකු පරීක්ෂණයකට ලක්වෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්.
Love Phobia හත්වෙනි කොටසින් Bi-a ගේ අම්මා හදිසියේම මතු වීමත් එක්ක ඇතිවුණු ලොකු අර්බුදය මැද Seon-ho ඇයව ආරක්ෂා කරන්න දැඩි උත්සාහයක් දරන හැටි බලාගන්න පුළුවන්.
කෘත්‍රිම බුද්ධියෙන් ආදරය මනින බී-ආ ගේ රහස් හෙළි වී සොන්-හෝ සමඟ තියෙන බැඳීම අවදානමක වැටෙද්දී, තමන්ගේම සමීපතමයෙකුගේ අනපේක්ෂිත පාවාදීම හමුවේ ඇය මුහුණ දෙන අභියෝගාත්මක අවසානය මේ කොටසින් බලාගන්න.
