මෙය 2025 වසරේදී නිකුත් වීමට නියමිත, බොහෝ දෙනා බලා සිටින ත්‍රාසජනක (Horror) TV කතා මාලාවකි.
මේ කතාව දිව යන්නේ 1960 ගණන්වල Derry (ඩෙරී) කියන නගරය වටායි.ඔයාලා හැමෝම දන්න ඉතා ජනප්‍රිය "IT" චිත්‍රපටවලට (Movies) පෙර සිදුවූ දේවල් තමයි මේ කතාවෙන් පෙන්නන්නේ.
ළමයින්ව බය කරන අර භයානක විහිලුකාරයා, ඒ කියන්නේ Pennywise ගේ ආරම්භය සිදුවුණේ කොහොමද කියලා මේකෙන් බලාගන්න පුළුවන්.
ඔයා Stephen King ගේ කතාවලට සහ බය හිතෙන චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම්, මේක ඔයාට ගැලපෙනම කතාවක් වෙයි.
1962 දී Matty අතුරුදහන් වීමත් සමඟ, ඔහුගේ මිතුරන් සහ ඩෙරී වෙත පැමිණෙන Major Hanlon නගරයේ සැඟවුණු බියකරු අබිරහසක් සොයා යන හැටි මෙම කොටසින් බලාගන්න පුළුවන්.
Charlotte සහ Will ඩෙරී නගරයට පැමිණෙද්දී සිනමා ශාලාවේ සිද්ධියට Hank ව සැක කරන අතර, Ronnie ඇගේ මව සම්බන්ධ අතිශය භයානක සිදුවීමකට මුහුණ දෙන ආකාරය මේ කොටසින් බලාගන්න.
ලිලී තමන් දැකපු දේ ඇත්තක් කියලා ඔප්පු කරන්න යාළුවෝ එක්ක එකතු වෙලා භූතයාගේ ෆොටෝ එකක් ගන්න හදනකොට, ඩික් හැලරන් එයාගේ විශේෂ බලය පාවිච්චි කරලා ඒ දේ හොයද්දී නොහිතපු භයානක දේකට මුහුණ දෙනවා.
පොලිසිය සාක්ෂි ප්‍රතික්ෂේප කරද්දී, විල්ට ගඟේදී වුණු භයානක සිද්ධිය නිසා යක්ෂයා බලගැන්වෙන්නේ තමන්ගේ ‘බය’ හරහා බව ළමයි තේරුම් ගන්නවා.
Neibolt Street හි පිහිටි අද්භූත නිවසට හමුදාව කඩා වදිද්දී, ළමයින් පිරිසක් තමන්ගේම සැලැස්මකට අනුව ඒ යට තිබෙන භයානක උමං මාර්ගවලට ඇතුළු වෙන විදිය මේ කොටසින් බලාගන්න පුළුවන්.
ඩික් හැලරන්ට පේන භයානක දර්ශන නිසා එයා ලොකු අවුලක ඉන්න අතරේ, ඉන්ග්‍රිඩ්ගේ ගෙදරට රිංගන ලිලීට මේ මුළු කතාවම වෙනස් කරන විදියේ පුදුම හිතෙන රහසක් ගැන හෝඩුවාවක් ලැබෙනවා.
බ්ලැක් ස්පොට් එකට එල්ලවන මැර ප්‍රහාරය නිසා ඇතිවන ගින්නෙන් බේරෙන්න පිරිසක් සටන් කරන අතරේ, පෙනීවයිස්ගේ අතීතය ගැනත් පුදුම හිතෙන විස්තර ටිකක් මේ කොටසේ අන්තර්ගත වෙනවා.
ඩෙරී නගරයම ඝන මීදුමකින් වසාගෙන පෙනිවයිස් නගරයෙන් පැනගන්න හදනකොට, එයාව නවත්තන්න අපේ කණ්ඩායම කරන තීරණාත්මක සටන මේ අවසාන කොටසෙන් බලාගන්න පුළුවන්.
