Back to TV Series
Cashero ( 2025 )

Cashero ( 2025 )

SERIESCOMPLETED2025 IMDb

මේක 2025 වර්ෂයේ නිකුත් වුණු කොරියානු (South Korean) කතා මාලාවක්. Action, Comedy සහ Superhero කියන Genre වලට තමයි මේක වැටෙන්නේ.


මූලික තොරතුරු –


අධ්‍යක්ෂණය: Lee Chang-min (Welcome to Waikiki කරපු අධ්‍යක්ෂකවරයා).

ප්‍රධාන නළු නිළියන්: සුපිරි නළු Lee Junho (Kang Sang-Woong ලෙස), Kim Hye-Jun (Kim Min-sook ලෙස), Kim Byung-Chul (Byeon Ho-in ලෙස) සහ Kim Hyang-Gi (Bang Eun-mi ලෙස).

විකාශය: Netflix හරහා.


මේ කතාව සිද්ධ වෙන්නේ වර්තමාන කොරියාවේ සාමාන්‍ය නගරයක. මේ ලෝකය පිටින් බලද්දි සාමාන්‍ය විදියට පෙනුනට, හොරෙන් හැංගිලා ඉන්න පුදුම බලයන් තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි මේ සුපිරි බලයන් (Superpowers) නිකන්ම ලැබෙන ඒවා නෙවෙයි, හරිම අමුතු කොන්දේසි වලට යටත් වෙච්ච ඒවා.


 මේක Marvel චිත්‍රපට වගේ බරපතල, ලෝකය විනාශ වෙන මට්ටමේ Serious කතාවක් නෙවෙයි. මේක ගොඩක් විනෝදජනක (Comedy), ඒ වගේම හොඳ Action scenes තියෙන, හිතට සැහැල්ලුවක් දැනෙන කතාවක්.


ඉතින් මේ Season එක පුරාවටම අපි දකින්නේ, ලෝකය බේරගන්න ඕන වුණාට තමන්ගේ අතේ පිච්චිය නැතිවෙයි කියලා බයෙන් ඉන්න මේ අමුතු වීරයාගේ ගමනයි. එයාට මේ වැඩේදි උදව් කරන්න තවත් අමුතු බලයන් තියෙන කණ්ඩායමක් එකතු වෙනවා. මෙයාලට එකතු වෙලා ලොකු "දුෂ්ට සංගමයකට" එරෙහිව සටන් කරන්න සිද්ධ වෙනවා. මේ සටන දිනයිද, නැත්නම් මෙයාලා බංකොලොත් වෙයිද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ.


ප්‍රධාන තේමාව තමයි "වීරයෙක් වෙන්නත් සල්ලි ඕන" කියන එක. ආර්ථික ප්‍රශ්න සහ වගකීම් එක්ක හිරවෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සු කොහොමද වීරයෝ වෙන්නේ කියන එක ලස්සනට පෙන්නනවා.


"ඉතින් අන්තිමේදී අපේ Cashero ලෝකය බේරගත්තද, නැත්නම් හිඟන්නෙක් වුණාද කියලා දැනගන්න නම් Season එකම බලලාම දැනගන්න වෙනවා. විශ්වාස කරන්න, අන්තිම ටික මාරම ත්‍රාසජනකයි!"

Episodes
Season 1
(8 episodes)
S1E1 - වීරකමේ මිල

අතේ තියෙන මුදල් ප්‍රමාණයට අනුව සුපිරි බලයක් ලැබෙන අපේ කතානායකයා, තමන්ගෙ අනාගතේ වෙනුවෙන් එකතු කරපු සල්ලි ටික විනාශ කරගෙන හරි අනුන්ව බේරගන්න හැටි මේ කොටසින් බලාගන්න.

S1E2 - මිල අධික පහර

මේ එපිසෝඩ් එකේදී අතේ සල්ලි නැති නිසා මැරයන්ගෙන් ගුටි කන්න වෙන සං-උංට, ගෙවල් හදන්න තිබ්බ සල්ලි ටික වියදම් කරපු නිසා පෙම්වතියගෙනුත් හොඳටම බැනුම් අහන්න සිද්ධ වෙනවා.

S1E3 - වීරයන්ගේ හමුව

Cashero කණ්ඩායම මුල් වරට එකතු වන මේ කොටසේදී, Sang-Woong තමන්ගේ සල්ලි බලය පාවිච්චි කරලා අර වීඩියෝ ගේම් එක උස්සපු මැරයන්ට අමතක නොවන පාඩමක් උගන්වන හැටි බලාගන්න පුළුවන්.

S1E4 - අනතුරුදායක ගනුදෙනුවක්

Cashero හතරවෙනි කොටසින්, ලොකු මුදලක් හොයාගන්න කියලා හිතාගෙන සං-උන්ග් තමන්ගේ සුපිරි බලය නරක කල්ලියකට පාවා දෙන්න යන අවදානම් තීරණය නිසා ඇතිවෙන ලොකු ප්‍රශ්නයක් බලාගන්න පුළුවන්.

S1E5 - නව සතුරෙකුගේ ආගමනය

සෑන්ග්-උන්ග් එයාගේ අලුත් කණ්ඩායම එක්ක එකතු වෙලා දුෂ්ටයින්ට එරෙහිව වැඩ පටන් ගත්තත්, එයාලගේ බලයන් ක්‍රියාත්මක කරන්න ඕන කරන විකාර දේවල් නිසා මේ කොටසේදී ලොකු අකරතැබ්බයක් සිද්ධ වෙනවා.

S1E6 - අටවපු උගුල

Cashero කතා මාලාවේ හයවෙනි කොටසින් Sang-ung ඇතුළු කණ්ඩායම Joanna සහ Jonathan ගෙන් එල්ල වන දරුණු තර්ජන හමුවේ තමන්ගේ මුදල් වියදම් පාලනය කරගනිමින් මේ සටන මෙහෙයවන අපූරු ආකාරය ඔයාලට බලාගන්න පුළුවන්.

S1E7 - වීරත්වයේ මිල

අපේ Kang Sang-Ung ඇතුළු කණ්ඩායම බලවත් හතුරන් එක්ක සටන් කරන අතරේ, Min-sook ලොකු අනතුරකට මැදිවෙන නිසා මේ කතාව දැන් ගොඩක් කුතුහලයෙන් පිරුණු තීරණාත්මක තැනකට ඇවිත් තියෙන්නේ.

S1E8 - වීරයෙකුගේ සැබෑ වටිනාකම [ END ]

කැෂේරෝ සීසන් 1 හි අවසාන කොටසින්, සාං-උං තමන් සතු සියලුම මුදල් පරදුවට තියලා අපරාධ සංගමයට එරෙහිව කරන තීරණාත්මක සටන ගැන බලාගන්න පුළුවන්.

Comments
Anonymous
12/31/2025, 3:24:13 PM
Balanna be ane