![Avatar: Fire and Ash (2025) [අළු මතින් නැගිටීම]](https://i.imgur.com/Y4UyHf2.jpeg)
පැන්ඩෝරා (Pandora) ග්‍රහලෝකයේ මෙට්කයිනා (Metkayina) ගෝත්‍රිකයන් සමඟ ජීවත් වන ජේක් සුලී (Jake Sully) සහ නෙයිතිරි (Neytiri) ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් තවමත් පසුගිය සටනින් සිදු වූ විශාල පවුල් වියෝවකින් දැඩි ලෙස පීඩා විඳිති. මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව නෙයිතිරි තුළ ඇති වන දැඩි වෛරය සහ කලකිරීම මැද, තමන් ආදරය කරන තවත් කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් සුලී පවුලට නව සංචාරයක් ආරම්භ කිරීමට සිදු වෙයි. මේ ගමනේදී ඔවුන්ට අහසේ යාත්‍රා කරන සාමකාමී ක්ලෑන් එකක් වන ටලාලිම් (Tlalim) ගෝත්‍රිකයන්ගේ සහාය හිමි වේ. නමුත් ඔවුන්ගේ මේ ගමන අතරමඟදී, ගිනිකඳු පිපිරීමකින් තම නිවස විනාශ වීම ගැන ඒයිවා (Eywa) දෙවියන්ට දොස් පවරන, ප්‍රචණ්ඩකාරී සහ අනුකම්පා විරහිත මැන්ක්වාන් (Mangkwan) හෙවත් අළු ගෝත්‍රිකයන් (Ash People) විසින් ඔවුන්ව අනපේක්ෂිත ලෙස වටලා ප්‍රහාර එල්ල කරනු ලබයි. මෙම දරුණු ප්‍රහාරය හේතුවෙන් සුලී පවුල විසිරී යන අතර, අළු ගෝත්‍රයේ නායිකා වරන්ග් (Varang) ගේ මැදිහත් වීම සහ පැරණි සතුරන්ගේ නැවත පැමිණීම නිසා පැන්ඩෝරා ලෝකය පුරා අළුත් මෙන්ම වඩාත් භයානක ගැටුමක් නිර්මාණය වෙයි. තමන්ගේ දරුවන් සහ සමස්ත පැන්ඩෝරා පරිසර පද්ධතියම බේරාගැනීම සඳහා ජේක් සුලීට සියලු Na'vi ගෝත්‍රිකයන් එක්සේසත් කරමින් පෙර නොවූ විරූ මහා අභියෝගයකට මුහුණ දීමට සිදු වෙයි.
